පැලවත්ත නව ආශ්දවාදනීය ෆලූඩා සහ ජින්ජර් බිස්කට්අයිස් ක්‍රීම් රස හඳුන්වාදෙයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට දැවැන්තම කිරි ආහාර නිෂ්පාදකයා වන පැල්වත්ත ඔවුන්ගේ අයිස් ක්‍රීම් රස එකතුවට නව රසයන් දෙකක් හඳුන්වා දේ. එමගින් අයිස් ක්‍රීම් ලෝලීන් සාම්ප්‍රදායික අයිස් ක්‍රීම් රසයන්ගෙන් ඔබ්බට රැගෙන යනු ඇති අතර පැල්වත්ත අයිස්ක්‍රීම් වල ක්‍රීම් සහිත ස්වභාවය භුක්ති විඳීම තුළින් අයිස් ක්‍රීම් ලෝලීන් වැඩි වශයෙන් ඊට ආකර්ෂණය වනු ඇත.

පැල්වත්ත අයිස්ක්‍රීම් නිෂ්පාදන සහ නව රසයන් හඳුන්වා දීම පිළිබඳව අදහස් දක්වමින් පැල්වත්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා මෙසේ සඳහන් කළේය. “ශ්‍රී ලංකාවේ අයිස් ක්‍රීම් වල අන්තර්ගත සංඝටක සහ රසයන් අනුව අයිස් ක්‍රීම් ප්‍රභේද රාශියක් දැකගන්න පුළුවන්. එහිදී පැල්වත්ත අයිස් ක්‍රීම් වල රස සංයුතිය සහ කිසිදා අමතක නොවන රසය නිසා අතිශය ජනප්‍රිය වී තිබෙනවා. අප හඳුන්වා දෙන නවතමඅයිස් ක්‍රීම් රසයන් වන ෆලූඩා සහ ජින්ජර් බිස්කට්වලටද අපගේ මෙම අද්විතීය රස සංයුතිය භාවිත කර තිබෙනවා. රසින් පොහොසත් අපගේ අයිස් ක්‍රීම් වල රහස නම් අපේ කිරි ගොවීන් විසින් සපයනු ලබන නැවුම් කිරි මේදය අයිස්ක්‍රීම් නිෂ්පාදනය සඳහා භාවිත කිරීමයි. මේ නිසා පැල්වත්ත අයිස් ක්‍රීම් වල රසින් උසස් ක්‍රීම් ස්වභාවයක් තිබෙන අතර එය සෑම දෙනාම ප්‍රිය කරනවා.”

ෆලූඩා අයිස්ක්‍රීම්වල මිහිරි, ප්‍රබෝධමත්, මෘදු, සිසිල් ෆලූඩාරසයක් අඩංගු වන අතර පැල්වත්ත කිරි සමාගමේ සංවේදක ඇගයීම් මගින් වඩාත් සුදුසු සංවේදක ගුණාංග අඩංගු බව සනාථ වේ. ජින්ජර් බිස්කට්අයිස්ක්‍රීම් පැණිරස, ක්‍රීම් සහ ඉඟුරු රසයෙන් පොහොසත් වන අතර පාරිභෝගිකයාට නව අත්දැකීමක් ලබා දෙමින් ඉ්‍හළ අයිස් ක්‍රීම් රස අත්දැකීමක් විඳින්නට අවස්ථාව උදා කරනු ඇත.

පැල්වත්ත ෆලූඩාසහ ජින්ජ බිස්කට්අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරනු ලබන්නේ SLS ප්‍රමිතීන්ට අනුකූලවය. පැල්වත්ත අයිස්ක්‍රීම්වල මුළු ඝන ද්‍රව්‍ය 32%ක් අන්තර්ගතවන අතර මේද ප්‍රතිශතය 8% කි, සුක්‍රෝස් ප්‍රතිශතය 16% කි, මේද නොවන ඝන ද්‍රව්‍ය ප්‍රතිශතය 8% කි.

පැල්වත්ත වෙතින් මේ වන විට නවමු අයිස් ක්‍රීම් ප්‍රභේද ගණනාවක් හඳුන්වා දී ඇති අතර ඉදිරියේදී විවිධ ආර්ථික පසුබිම් වලට සරිලන අකාරයෙන් ඉහළ මිල ගණන් යටතේ සහ සාමාන්‍ය මිල ගණන් යටතේ නව අයිස්ක්‍රීම් ප්‍රභේද දෙකක් හඳුන්වාදීමට බලාපොරාත්තු වේ ඇත. එහිදී ඉහළ මිල ගණන් යටතේක්‍රීම් චීස් සවර් චෙරි අයිස්ක්‍රීම්(cream cheese sour cherry ice cream), පීනට් බටර් කැරමල් චොකෝ චිප්ස්සහ නට්ස් අයිස්ක්‍රීම් (Peanut butter caramel choco chips and nuts ice cream), ඩේට් අයිස්ක්‍රීම්(Date ice cream), ෆේරේරෝ රොචර්අයිස්ක්‍රීම්(Ferrero Rocher ice cream), චීස් කේක්ස්ට්‍රෝබෙරී (Cheese cake strawberry ice cream), මින්ට් විත් චොක්ලට් චිප්ස් අයිස්ක්‍රීම්(Mint with chocolate chips ice cream), ඇමරිල්ලා අයිස්ක්‍රීම්(Amarilla ice cream), ස්නිකර්ස් අයිස්ක්‍රීම්(Snickers ice cream)යන අයිස් ක්‍රීම් වර්ග රාශියක් හඳුන්වා දෙනු ඇත.

එසේම දැනට වෙළඳ පොළේ පවතින පැල්වත්ත අයිස්ක්‍රීම් වන්නේ වැනිලා (Vanilla), චොක්ලට් (Chocolate), ෆෘට් ඇන්ඩ් නට් (Fruit & Nut), බනානා(Banana), මැන්ගෝ (Mango), ස්ට්‍රෝබෙරී (Strawberry), කොකෝනට් විත් කාඩමම් (Coconut with Cardamom Ice cream), කොෆි විත් කාඩමම්(Coffee with Cardamom), බ්ලූබෙරි (Blueberry)සහබටර්ස්කොච් (Butterscotch)රසයන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *