මගී ප‍්‍රවාහන සේවා සංවර්ධනයට කෙටි සහ දිගු කාලීන සැලසුම්

(කොළඹ, ලංකාපුවත්) –මගී ප‍්‍රවාහන සේවා සංවර්ධනය සඳහා කෙටි සහ දිගු කාලීන සැලසුම් කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් ලබාදුන්නේය.

ඒ ප‍්‍රවාහන අමාත්‍යංශයේ සහ රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිලිබදව ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමකදීය. ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදිය හැකි පරිදි දුම්රිය මැදිරි අලුත්වැඩියා කිරිමත් අපේක්ෂාවකි. දුම්රිය සහ බස්රථ එක්බද්ධ සේවා ඇරඹීම අරමුණවේ. ඒකාබද්ධ ධාවන කාලසටහන් කි‍්‍රයාත්මක කරන ලෙසටත් ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නේය.

පෙරගෙවුම් කාඩ්පත් ක‍්‍රමය කෙටි කාලයකින්ම හදුන්වා දීමත් අපේක්ෂාවකි. අධිවේගී මාර්ගයේ මගී ප‍්‍රවාහනය සඳහා ගුණත්වයෙන් සමන්විත සාමාන්‍ය බස්රථ යෙදවිම සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබේ. දුම්රිය ස්ථාන නවීකරණ ආදර්ශ වැඩසටහනක් කඩිනමින් කි‍්‍රයාත්මක කරන බව සාකච්ජාවට එක්වූ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පෙන්වා දුන්නේය. ජනතාවට පහසුකම් සැලසිම මූලික අරමුණවේ.

ගමනාගමන මණ්ඩලයට අයත් පුහුණු සහ නඩත්තු ආයතනවල සේවය පෞද්ගලික අංශයටද විවෘත කිරිමෙන් ලාභ ඉපයීමට හැකියාව පවතින බව ඊට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප‍්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + eighteen =