සුමාත්‍රා භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රා දූපතේ භූ කම්පනයක් හටගෙන තිබේ.

කෙසේ වෙතත් එම භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද(19) අලුයම 3.59ට පමණ හටගෙන ඇති මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 6.9 ක ප්‍රභලත්වයක් සටහන් වී තිබේ.

මුහුදු පතුලේ සිට කිලෝමීටර 163ක් ගැඹුරින් මෙම භූ චලනය සිදුව ඇති බවෙ වාර්තාවේ.

කෙසේ වෙතත් මෙම භූ චලනය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිඳු අවදානමක් නොමැති බැවින් වෙරළබඩ ජනතාව කිසිඳු බියක් ඇතිකරගත යුතු නැති බවයි ජාතික සුනාමි පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − ten =