තවත් උපාධිධාරීන් 10,000 කට රැකියා

(කොළඹ, ලංකාපුවත්) – තවත් උපාධිධාරීන් දස දහසකට රැකියා ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අද (19) පෙරවරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලේකම් කාර්යාල පරිශ්‍රය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් හමුවු අවස්ථාවේ දී මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා පැවසුවේ “ අපි හැමෝටම දෙනවා. කට්ටියට කියන්න. අදත් කැබිනට් එකේ තවත් 10,000කට රැකියා දෙනවා. ගෙවල්වලට යන්න අව්වේ වේලෙන්නේ නැතිව” ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *