ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය විවාදයට ගැනීමට පාර්ලිමේන්තුව රැස්වේ

(කොළඹ, ලංකාපුවත්) – අද (21) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වෙයි.

එහිදී ජනාධිපතිවරයා විසින් ඊයේ (20) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මන්ත්‍රී යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට නියමිතය.

මේ අතර ලබන 27 සහ 28 යන දිනවල යළි පාර්ලිමේන්තුව රැස්වීමට ද, ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබේ.

එම දෙදින තුළ පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්ව දිවා ආහාර විවේකයෙන් තොරව පස්වරු 6.30 දක්වා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්විමට එහිදී තිරණය වු බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *