තැන තැන දමා යන දරුවන් භාරගැනීමට ළමා ආරක්‍ෂත අධිකාරියෙන් වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – විවිධ හේතූන් මත සිය අලුත උපන් බිළිඳුන් හෝ වයස අවුරුද්දට අඩු ළමයින් දෙමාපියන් විසින් ප්‍රතික්ෂේප කරමින් විවිධ ස්ථානයන්හි අතහැරදමා යාම වැළැක්වීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නව පියවරක් ගෙන තිබේ.

ඒ අනුව එලෙස ප්‍රතික්ෂේප කරන දරුවන් භාර ගැනීමේ කවුළු, පළාත් 09 හි ප්‍රධාන රෝහල් 09 ක ළමා රෝග අංශයට අනුබද්ධව ඇති කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සදහන් කළේය.

එමෙන්ම ළමා ආරක්ෂක අධිකාරියට ලැඛෙන පැමිණිලි කඩිනමින් විමර්ශනය කිරීම සඳහා වැඩකටයුතු ආරම්භ කර ඇති බවත් ඒ යටතේ ළමා අපයෝජන සිදුකරනු ලබන සැකකරුවන් නොපමාව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් එම අධිකාරිය නිකුත් කළ නිවේදනයන සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *