(කොළඹ, ලංකාපුවත්) –ලොව ප්‍රමුඛතම සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, තම පරිශීලකයින්ගේ පුද්ගලිකත්වය (privacy) තහවුරු කිරීම හා වංචනික පණිවුඩ (spam) වළක්වාගැනීම වෙනුවෙන් සුවිශේෂී තාක්ෂණික උපාංග කිහිපයක් හඳුන්වා දීමට පසුගියදා පියවර ගත්තේය.
සෙසු වයිබර් පරිශීලකයින්ව ඔවුන්ගේ නම ඔස්සේ සොයාගැනීමේ හැකියාව ද මීට සමගාමීව වයිබර් එළිදැක්වීය. සිය පරිශීලකයින්ගේ පුද්ගලිකත්වය තහවුරු කිරීම සඳහා වූ වයිබර්හි දැඩි කැපවීම තවදුරටත් ප්‍රකට කරමින් මෙම නව විශේෂාංග ද සුවිශේෂී ආරක්ෂණ පියවර රැසක් සමඟින් හඳුන්වා දී තිබේ.
අපගේ අවශ්‍යතාවන් වෙනස්වීමත් සමඟ ඇප් මෘදුකාංග ද හුදෙක් කෙටි පණිවුඩ යැවීමේ සිට සන්නිවේදනය තුළ වෙනත් ඉසව් කෙරේ යොමුව සිටී. එම නිසා ජනතාව ද තම සබඳතා වර්ධනය කරගැනීම සඳහා අමතර විධි ක්‍රම කෙරෙහි නිරන්තර අවධානය යොමුකරයි. මේ අතර අන් කවරදාටත් වඩා වර්තමානයේදී තොරතුරු විශාල ප්‍රමාණයක් ඔවුන් වෙත ගලා එන අතර එනිසාම වංචනික පණිවුඩ ලැබිම හා අනවශ්‍ය පරිදි තොරතුරු ඒකරාශී වීම වළක්වාගැනීම ද අත්‍යවශ්‍යතාවක් බවට පත්ව තිබේ. හුදෙක් අන්තර්ජාලය පදනම් කරගත් එවැනි සබඳතාවක් ගොඩනඟා ගැනීමට වඩා ආරක්ෂිත සහ රහස්‍යභාවය රැකෙන අයුරින් එවැනි සබඳතාවක් ගොඩනඟා ගන්නේ කෙසේද යන්න බොහෝ දෙනෙකුට මතුව ඇති ගැටලුව යි. රහස්‍යභාවය ආරක්ෂා කරදෙන තම අලුත්ම උපාංග හරහා ඊට විසඳුම් සැපයීමට වයිබර් සමත්ව සිටී.
ඒ අනුව වයිබර් communities සහ groups වෙත තමන්ව එකතු කිරීමේ අයිතිය ඇත්තේ කාහටදැයි තීරණය කිරීමේ අයිතිය වයිබර් සිය පරිශීලකයින්ට ලබා දී ඇත. එනම් ඕනෑම අයෙකුට එවැනි සමූහ වෙත තමන්ව එකතු කළ හැකි ද, නොඑසේ නම් එම අවසරය හිමිවන්නේ, මිතුරන්ට පමණක් ද යන්න ඒ හරහා තීරණය කළ හැක. More > Settings > Privacy > Groups > Control who can add you to groups හරහා ඊට අදාළ විධානය ලබාදිය හැක.
එමෙන්ම නාඳුනන පුද්ගලයින් විසින් එවනු ලබන community හා group chat ආරාධනා වෙනම කොටසකට (Message Requests inbox) යොමු කෙරේ. එනිසා පරිශීලකයින්ගේ ප්‍රධාන චැට් මෙනුව ක්‍රමවත්ව තබාගනිමින් අනවශ්‍ය ඉල්ලිම් වලින් ඈත් කර තබාගැනීමේ හැකියාව උදා වේ.
මේ අතර සෙසු වයිබර් පරිශීලකයින් සොයාගැනීම සඳහා ලබාදී ඇති නව අවස්ථාව උපයෝගී කරගනිමින් තම රහස්‍යභාවය උපරිමයෙන් ආරක්ෂා කරගන්නා අතරතුරදී සිය සබඳතා වැඩි කරගැනීමේ අවකාශය උදා වේ. නිදසුනක් ලෙස යමෙකුගේ නම වයිබර් සෙවුම් තිරය මත ටයිප් කළ විට ඒ ඇසුරෙන් වයිබර් පරිශීලකයින් කිහිපදෙනෙකු එම පුද්ගලයින්ගේ ඡායාරූපය ද සමඟ යෝජනා කෙරේ. රහස්‍යභාවය හා පුද්ගලිකත්වය සම්බන්ධයෙන් වයිබර් පරිශීලකයින්ට හිමිවන ශක්තිමත් ආරක්ෂණය නිසා, මෙසේ සෙවුම් යන්ත්‍රය හරහා සිදුවන ඕනෑම chat එකක් සඳහා පහත දැක්වෙන අතිරේක පුද්ගලිකත්ව ආරක්ෂණ පියවර අදාළ වේ.
· සියලු පරිශීලකයින්ගේ දුරකථන අංක, ඔවුන් හුවමාරු කරගන්නා තුරු රහසිගතව පවතී.
· ඒ මොහොතේ වයිබර් භාවිත කරමින් සිටී ද යන්න (online ද නැද්ද යන්න) පෙන්නුම් නොකෙරේ.
· වයිබර් හරහා සාමාන්‍ය ඇමතුම් හෝ වීඩියෝ ඇමතුම් ලබාගත නොහැක.
සෙවුම් යන්ත්‍රය හරහා තමාව අනෙක් අයට පෙන්නුම් වීම නොරිසි පුද්ගලයින්ට More > Settings > Privacy > Let users find you by your name යන විධානය ලබාදිය හැක.
මේ අතර වයිබර් සෙවුම් යන්ත්‍රය හා Message Requests inbox යන විශේෂාංග ගෝලීය වශයෙන් මුදාහැරීමට ප්‍රථම, තෝරාගත් රටවල් කිහිපයකට පමණක් එළිදක්වමින් ඒවායේ සාර්ථකත්වය මැන බැලීමට නියමිත ය. “තමන්ගේ සමාජීය සබඳතා වර්ධනය කරගැනීම පරිශීලකයින්ට ඉතාම වැදගත්. නමුත් එහි අනෙක් පැත්ත වන්නේ වංචනික පණිවුඩ වලින් ඔවුන්ගේ සන්නිවේදන කටයුතු ආරක්ෂා කරගැනීමයි. මේ සියල්ලට ගැලපෙන විසඳුම් ලබාදීමට අපි වෙහෙස වී ක්‍රියාකරනවා. මේ එළිදකින විශේෂාංග පවා එම වෑයමේ ප්‍රතිඵල ලෙස හැඳින්විය හැකියි. මේ හරහා අපගේ පරිශීලකයින්ට තමන්ගේ ආරක්ෂාව හා පුද්ගලිකත්වය රැකගන්නා අතර ම සිය සමාජ සබඳතා පුළුල් කරගැනීමේ අවස්ථාව උදා වෙනවා” යනුවෙන් වයිබර් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඔෆිර් එයාල් මහතා පැවසීය.