බන්ධනාගාර වල ආරක්ෂාවට අද සිට STF

(කොළඹ, ලංකාපුවත්) – බන්ධනගාර වල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරී යෙදවීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

ඒ අනුව අද (24) සිට වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරී යෙදවෙනු ඇත.

බන්ධනාගාරවලට තහනම් ද්‍රව්‍ය රැගෙන යාම වැළැක්වීම සහ හදිසි අවශ්‍යතා ඇති වුවහොත් ඊට මුහුණදීම සඳහා මෙම පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *