ඉන්දියාවේ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි – 60ක් සිරවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ මහල් 5 කින් යුත් නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 60 ක් පමණ සිරව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මුම්බායි සිට කි.මී. 165 ක් දකුණින් පිහිටි මහද් නගරයේ ගොඩනැගිල්ලේ මහල් නිවාස 47ක් තිබූ බව පොලීසිය පවසයි.

සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් වෙත ළගාවීමට ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කරන අතර 17 දෙනෙක් රෝහල් ගත කර තිබේ.

මෙම ගොඩනැගිල්ලේ ආසන්න වශයෙන් පදිංචිකරුවන් 200 ක් පමණ සිටින බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 1 =