කමිටු වාර්තාව ඇමති ඩලස්ගේ විශේෂ විමර්ශනයට

(කොළඹ, ලංකාපුවත්) – ‪ජාතික විදුලිබල පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත ඊයේ (24) පස්වරුවේ විදුලිබල අමාත්‍යාංශයේ දී බාර දුන් බව එම අමාත්‍යංශය සදහන් කරයි.

අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුව මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.

අදාළ වාර්තාව අද(25) දිනයේදී විෂයභාර අමාත්‍යවරයාගේ විශේෂ විමර්ශනයට ලක් කිරීමට නියමිත අතර හෙට (26) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමටද වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය.

කෙරවලපිටියේ බලාගාරයට යාබද ප්‍රධාන විදුලි උපපොළේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පසුගිය 17 වැනිදා දහවල් 12.30 ට පමණ ජාතික විදුලිබල පද්ධතිය බිඳවැටුණු අතර එය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට පැය 8 ක් පමණ ගත විය.

ඒ සමඟම නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය ද සම්පූර්ණයෙන් අක්‍රිය වු අතර එයින් ජාතික පද්ධතියට ලබාදුන් විදුලි ධාරිතාව ද අහිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *