කොළඹ වරාය නගරය තුල සුවිසල් වෙරළමූර්ති සහ පවුරු සැලසුම් තරගාවලියකට සිසුන්ට අවස්ථාව

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ වරායට නගරය (Port CityColombo)සිය ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ‘අනාගතයක දැක්ම’ නමින් වෙරළ මූර්ති නිර්මාණ තරගයක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කළේ ය. මෙරට නවක නිර්මාණ ශිල්පීන් ඉලක්ක කරගෙන දියත් කර ඇති මෙම වැඩසටහන මගින් සුවිශේෂී වෙරළ මූර්ති (beach Sculpture)සහ සන්නිවේදන පවුරක් (Interactive Wall)නිර්මාණය කිරීමට එම ශිල්පීන්ට අවස්ථාව හිමිවනු ඇත.

මෙම තරගය කොළඹ වරාය නගරයේ සමාරම්භක වැඩසටහන් මාලාවේ එක් අංගයක් වන අතර, මෙම ව්‍යාපෘතියේ සුවිශේෂී අංග ලෙස ලොව පුරා ජනතාවගේ ආකර්ෂණය දිනාගන්නා, ශ්‍රී ලාංකික අනන්‍යතාව කැටි කරගත් ස්මාරක එකතුවක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ. මේ වනවිට කොළඹ වරාය නගරය තුළ මූලික අදියර කිහිපයක් යටතේ පොදු වෙරළ තීරයන් හා උද්‍යාන වැනි අංග ඉදිකෙරෙමින් පවතින අතර, ඊළඟ අදියර ලෙස මෙම මූර්ති එකතුව සහ සන්නිවේදන පවුර ඉදිවනු ඇත. COVID -19 වසංගත තත්ත්වය හමුවේ පැනවීමට සිදුවී ඇති සීමාවන්ට අනුගත වෙමින්, මෙම තරගාවලිය මුළුමනින්ම www.envisionthefuture.lkවෙබ් අඩවිය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

නිර්මාණ සැලසුම් සම්බන්ධයෙන් මගපෙන්වීම සඳහාAcademy of Designසමග එක්වෙමින් සහ කලා ක්ෂේත්‍රයේ නිල සහකරු ලෙස ARTRAසඟරාව සමග අත්වැල් බැඳගනිමින් ක්‍රියාත්මක කරනු ලබන මෙම තරගයට එක්වී තම හැකියාවන් උරගා බලන මෙන් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මෙරට නවක නිර්මාණ ශිල්පීන්ට හා ශිල්පිනියන්ට ආරාධනා කර සිටී. මෙරට හෝ විදේශ විශ්ව විද්‍යාලයක ලියාපදිංචි වී කලා, ගෘහ නිර්මාණ, නිර්මාණ සැලසුම්, ඉංජිනේරු සහ/හෝ වෙනත් නිර්මාණාත්මක විෂය ක්ෂේත්‍රයක් යටතේ ප්‍රථම හෝ පශ්චාත් උපාධි හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම තරග සඳහා සහභාගී විය හැක. 2019/2020 අධ්‍යයන වර්ෂය තුළ තම උපාධි පාඨමාලා සම්පූර්ණ කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද මේ සඳහා අයදුම් කළ හැකි වේ. තරගකරුවන්ට තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් ඉදිරිපත් විය හැකි අතර (ඉදිරිපත් කළ හැකි උපරිම සැලසුම් සංඛ්‍යාව 2 කි), කණ්ඩායමක් වශයෙන් ඉදිරිපත් වන්නේ නම් සාමාජිකයන් සංඛ්‍යාව 3 කට සීමා විය යුතු ය.

ජයග්‍රාහී සැලසුම් සඳහා රු. 700,000 කට වැඩි වටිනාකමකින් යුත් මුදල් ත්‍යාගයන් හිමිවනු ඇති අතර, එම සැලසුම් කොළඹ වරාය නගර පරිශ්‍රයේ වෙරළ තීරයේ ඉදිකෙරෙනු ඇත. එමෙන්ම අදාළ කාණ්ඩ වල ජයග්‍රහණය ලබාගන්නා පුද්ගලයන්ට හෝ කණ්ඩායම් වලට, අදාළ නිර්මාණය ඉදිකිරීම සඳහා සී. එච්. ඊ. සී. පෝර්ට් සිටි කලම්බු (පුද්.) සමාගම [CHEC Port City Colombo (Pvt)Limited]විසින් තෝරාගනු ලබන ජාත්‍යන්තර ඉදිකිරීම් සමාගම සමග එක්ව කටයුතු කිරීමට අවස්ථාව හිමි වේ.

මූල්‍ය කලාපය, මධ්‍යම උද්‍යාන වාසය, ජාත්‍යන්තර දිවයින, යාත්‍රාංගණය හා දූපත් වාසය ලෙස අනු කලාප 5 කින් නිර්මිත කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, දකුණු ආසියානු කලාපයේ ඉදිවෙමින් පවතින ජාත්‍යන්තර තලයේ නගරයකි. සාගරය ගොඩකර ඉදිකරන ලද හෙක්ටයාර 269 ක භූමියක ඉදිවන කොළඹ වරාය නගරය, පසුගිය වසර තුළදී ශ්‍රී ලංකාවට අයත් භූමික් ලෙස ප්‍රකාශයට පත්කෙරිණි. එමෙන්ම කොළඹ වරාය නගර පරිශ්‍රයේ ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා ව්‍යපෘති සමාගම මගින් ඉදිරිපත් කරන ලද ඇමරිකානු ඩොලර් බිලියන 1 ක ආයෝජන සැලසුමක් සඳහා පසුගිය මාසයේදී ශ්‍රී ලංකා රජයේ අනුමැතිය හිමි විය.

අනාගත පරපුරේ අභිවෘද්ධිය ඉලක්ක කරගත් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති අතරින් වඩාත් නවීනතම අංග ලක්ෂණ සහිත ව්‍යාපෘතිය ලෙස සැලකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *