පැල්වත්ත නිෂ්පාදන වල පිරි ක්‍රීම් සාරය ගැන සුපවේදීන් ඉහළින්ම අගයමින් පැසසුමට ලක්කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම කිරි නිෂ්පාදකයා වන පැලවත්ත කිරි නිෂ්පාදන වල ඇති ක්‍රීම් සාරය, බේකරි කර්මාන්තයේ සහ සුපවේදය පිළිබඳ විශේෂඥයින්ගේ ඉහළ පැසසුමට ලක්විය. මෙරට ප්‍රමුඛපෙළේ බේකරිවල නිෂ්පාදනය කෙරෙන බේකරි නිෂ්පාදනවල රසය උසස් අන්දමින් ඉහළ නැංවීමට පැල්වත්ත නිෂ්පාදනවල රසය සහ සාරය භාවිත කෙරේ.

පැල්වත්ත සමඟ ඇති දිගු කාලීන හවුල්කාරිත්වය සහ සිය බේකරි නිෂ්පාදනවලට පැලවත්ත නිෂ්පාදන මගින් හිමිවන අමතර ගුණාත්මක වටිනාකම් පිළිබඳව ෆැබ් ෆුබ්ස් ආයතනයේ සැපයුම් කළමනාකාර ප්‍රභාත් ගමලත්ගේ මහතා මෙසේ පැවසීය. ” වසර 5ක් පුරා ෆැබ් ආයතනය පැල්වත්ත නිෂ්පාදන භාවිතා කර තිබෙනවා. එම නිෂ්පාදන වල ගුණාත්මක භාවය පිළිබඳ අපි බෙහෙවින්ම සතුටු වනවා. පැල්වත්ත නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිළිබඳව වසර ගණනාවක් තිස්සේ කිසිදු ගැටළුවක් මතුවී නොමැති අතර මෙම හවුල්කාරිත්වය අප අඛණ්ඩව ඉදිරියට පවත්වා ගැනීමට බලාපොරොත්තුවනවා.

පැල්වත්ත පුළුල් කිරි නිෂ්පාදනයන් ගලදාරි හෝටලය සහ ජෙට්වින් බ්ලූ හෝටලය ඇතුළු බොහෝ තරු පන්තියේ හෝටල් වල ආහාර සැකසීම සඳහා භාවිත කෙරේ. එසේම ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ අවශ්‍යතාවන් සඳහා සපයනු ලබන පැල්වත්ත නිෂ්පාදනයන් පැල්වත්ත ගිතෙල්, ඉන්දියානු, ඉන්දුනීසියානු, මැද පෙරදිග සහ මැලේසියානු ආහාර බොහොමයක් සැකසීම සඳහා යොදා ගනී. එමගින් පැල්වත්ත නිෂ්පාදනවල බහුකාර්ය හැකියාවන් මැනවින් පෙන්නුම් කෙරේ.

පැල්වත්ත කල්තබා ගැනීමේ ද්‍රව්‍ය වලින් තොර නැවුම් කිරි මේදයෙන් බටර් නිපදවීම ඇතුළු බොහෝ හේතුන් මත එම බටර් ස්වභාවික බටර් ලෙසින් සැලකෙන අතර කේක් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා භාවිත කරයි. බටර්වල නැවුම් කිරි මේදය 4-5% ක් පමණ අඩංගු වන අතර බටර් නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී මේද ප්‍රතිශතය 82-84% දක්වා වර්ධනය වේ. එහිදී පැල්වත්ත මේද ප්‍රතිශතය පාලනය කිරීම සඳහා ස්ථාවර සැකසුම් ක්‍රියාවලියක් භාවිතා කරයි. එසේම පැල්වත්ත ෆේෂ් ක්‍රීම් ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රය තුළ භාවිත කෙරෙන තවත් ජනප්‍රියතම පැල්වත්ත නිෂ්පාදනයකි. එය ආහාර රුචිය වඩවන සුප් සහ අතුරුපස සඳහා භාවිත කෙරේ.

පැල්වත්ත නිෂ්පාදන අතර පැල්වත්ත සුදුළූණු බටර් සඳහා අද්විතීය ස්ථානයක් හිමිවන අතර එය සුදුළූණු ෆ්‍රයිඩ් රයිස්, පාන් වැනි ආහාර සඳහා බහුලව භාවිතා වේ. මේ අතර පැල්වත්ත වෙතින් ඉදිරියේදී රටකජු බටර් වෙළඳ පොළට හඳුන්වා දීමට ද අපේක්ෂා කරයි.

පැල්වත්ත සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. “පැල්වත්ත කියන්නේ ගෘහස්ථ වෙළඳ නාමයක්. එබැවින් නිෂ්පාදන ක්‍රියාවලියේදී උපරිමයෙන් එහි ස්වභාවික ගුණය ආරක්ෂා කිරීමට අප කැපවී සිටිනවා. රටත් ජාතියත් කිරිවලින් ස්වයංපෝෂිත කිරීම සඳහා අප විසින් ගන්නා ලද උත්සාහය පිළිබඳව නිහතමානිව ආඩම්බර වනවා. විශේෂයෙන්ම දේශීය නිෂ්පාදන වර්ධනය වෙමින් පවතින් පශ්චාත් COVID සමය තුළ මෙම ඉලක්ක සපුරා ගැනීමට අප සම්පුර්ණයෙන්ම කැපවී සිටිනවා. අපගේ පැල්වත්ත වෙළඳ නාමය වෙළඳ පොළේ අද්විතීය රසයන්ගෙන් සහ නිෂ්පාදනයන්ගෙන් ප්‍රමුඛස්ථානයේ සිටිමින් කා අතරත් ජනප්‍රිය වී තිබෙනවා. එම නිසා පැල්වත්ත නිෂ්පාදන ගෘහස්ත සහ කාර්මික භාවිත කිරීම මගින් අමතර වටිනාකමක් හිමිවී තිබෙනවා.”

පැල්වත්ත සමාගම කිරි කර්මාන්තයේ ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා නිරන්තරයෙන් කැපවී සිටීන අතර ඒ සඳහා සෘජුව සහ වක්‍රව ගත හැකි උත්සාහයන් ගනිමින් සිටී. ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය පැල්වත්ත නිෂ්පාදන සඳහා විශාල වෙළඳ පොළකි. ඒ අනුව පැල්වත්ත ලුණු සහිත සහ ලුණු රහිත බටර් වර්ග දෙකම නිෂ්පාදනය කරන අතර ගෘහස්ත අවශ්‍යතාවයන්ට හා තොග වශයෙන් ඇසුරුම් කර විකුණනු ලැබේ. පැල්වත්ත බටර් දේශීය වෙළඳ පොළේ ලාභදායිම උසස් තත්ත්වයේ බටර්ය .

පැල්වත්ත බටර් දේශීයව ලබාගත් කිරි මේදය භාවිතා කරමින් නිෂ්පාදනය කරනු ලබන අතර කේක් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා භාවිතා කෙරේ. එහිදී බටර් ක්‍රීම්, ප්රෙන්ච් බටර්, ක්‍රොසෙන්ට්ස්, ඩැනිෂ් පේස්ට්‍රි යන වර්ග වලින් ලබා ගත හැක.

පැලවත්ත නිෂ්පාදන උසස් ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කෙරෙන අතර කල් තබා ගැනීම සඳහා කෘතීම කල් තබා ගැනීමේ ද්‍රව්‍ය භාවිතා නොකෙරේ. ඒ අනුව පැල්වත්ත නිෂ්පාදන ඕනෑම වයස් කාණ්ඩයක පාරිභෝගිකයින්ට සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදනයක් ලෙස විශ්වාසවන්තව භාවිතා කිරීමේ හැකියාව ඇත.

Culinary Art and Food Expo 2019 (CAFÉ 2019) ප්‍රදර්ශනය සඳහා පැල්වත්ත පසුගිය වසරේදී ද Gold Sponsor වශයෙන් අඛණ්ඩව දෙවන වසරටත් අනුග්‍රහකත්වය ලබා දුන්නේය.

දේශීය කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දෙමින් ‘ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත’ බටර් සහ කිරිපිටි අපනයනය කිරීමට ද පැල්වත්ත සූදානමින් සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *