(කොළඹ, ලංකාපුවත්) – වසර 2025 වන විට ශ්‍රී ලංකාව බිම් බෝම්බ රහිත රටක් බවට පත් කිරීමේ අරමුණින්, යුද්ධයෙන් පීඩාවට පත් උතුරු පළාතේ ශ්‍රී ලංකා රජයේ මානුෂීය මෙහෙයුම් කඩිනම් කිරීම සඳහා තවත් ඩොලර් 800,000 ක විදේශ ආධාර අරමුදල් වෙන් කිරීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.
බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය විසින් රාජ්‍ය නොවන සංවිධානයක් වන MAG වෙත ආධාර වශයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 800,000 ක් ලබා දෙනු ඇත. 2009 වසරේ සිට ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමට සහාය වී තිබේ.
ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් වික්ටෝරියා කොක්ලි මහත්මිය මන්නාරම් දිස්ත්‍රික්කයේ MAG සංවිධානයේ ක්‍රියාකාරීත්වය සොයා බැලීමට ගිය අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය අගය කරන බව ප්‍රකාශ කළාය.