ජාතික වාරි පද්ධතිය පිළිබඳ පැමිණිලි – යෝජනාවලට කඩිනම් පියවර

(කොළඹ, ලංකාපුවත්) –ජාතික වාරි පද්ධතියට අදාළ ගංගා, ඇලදොල, වැව්, ජලාශ ආදි වාරි ජල ක්ෂේත්‍රයට සම්බන්ධව මහජන පැමිණිලි, යෝජනා හා මාධ්‍ය වාර්තා පිළිබඳව විශේෂ අවධානය යොමු කොට කඩිනම් පියවර ගැනීම සදහා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතාගේ විශේෂ අවධානය යොමුව තිබේ.

ඒ අනුව මෙම විෂයට අදාළ සියලු පුවත්පත් ඇතුළු බහුවිධ මාධ්‍ය වාර්තා කඩිනමින් තමන්ගේ අවාධානයට යොමු කරවන ලෙසත් ඒ අනුව ලබා දෙන විසදුම් සහිත උපදෙස් අදාළ රාජ්‍ය ආයතන වෙත විධිමත් ලෙස යොමු කිරීමට කටයුතු යොදන ලෙසත් අමාත්‍යංශ මාධ්‍ය ඒකකයට උපදෙස් දී ඇත.

එසේම මෙතෙක් නොවිසදී ඇති තම ප්‍රදේශයේ වාරි ගැටලු හා යෝජනා එම ගම්වැසියන්ගෙන් ඍජුවම අමාත්‍යංශය වෙත යොමු කරවා ගැනීමට සහ අදාළ විසදුම් ක්‍රියාත්මක වීම පිළිබඳව පසු විපරම් වැඩ පිළිවෙලක් හදුනා ගැනීමට සුදුසු නිලධාරියෙක් නම කොට ඔවුන් වෙත වගකීම් පවරන මෙන්ද අමාත්‍යවරයා විසින් වාරිමාර්ග සහ මහවැලි අධ්‍යක්‍ෂ ජනරාල්වරු වෙත උපදෙස් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *