විදුලිය බිඳ වැටීම ගැන වාර්තාව අද කැබිනට්ටුවට

(කොළඹ, ලංකාපුවත්) – මුළු දිවයිනටම විදුලිය බිඳ වැටීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද (26) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

නියෝජිතයින් 9 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව විසින් සකස් කළ අදාළ වාර්තාව පෙරේදා විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වෙත භාර දෙනු ලැබීය.

විදුලිය බිඳ වැටීම පිළිබදව සොයා බැලීමටත් එවැනි තත්ත්වයක් නැවත ඇතිවීමේ ප්‍රවණතාව අවම කිරීමේ ක්‍රියාමාර්ගයන් පිළිබදව හඳුනා ගැනීමටත් කමිටුවක් පත් කෙරුණේ මහාචාර්ය රාහුල අතලගේ මහතාගේ මූලිකත්වයෙනුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 2 =