මාලදිවයිනේ හිටපු ජනපති අබ්දුල් ගයුම්ට කොරෝනා

(කොළඹ, ලංකාපුවත්) – මාලදිවයිනේ හිටපු ජනාධිපති මවුමුන් අබ්දුල් ගයුම් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

සිදුකළ කොවිඩ්-19 පරික්ෂාවක දී හිටපු ජනාධිපතිවරයාට වෛරසය වැලදී ඇතැයි තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හිටපු ජනාධිපතිවරයා ඒ පිළිබඳය සිය ටිව්ටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

මේවන විට 81වැනි වියෙහි පසුවන ගයුම්, ස්වයං නිරෝධායනය සඳහා යොමු වි ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.

මාලදිවයිනෙන් කොවිඩ්-19 ආසාදිතයින් 7000කට අධික සංඛ්‍යාවක් වාර්තාවන අතර මරණ 28 ක් සිදුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *