මෙලනියා ට්‍රම්ප් කණගාටුව පළ කරයි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප්, එරට කොරෝනා ආසාදනයෙන් පීඩාවට පත්ව ඇති ජනතාවට සිය කණගාටුව පළ කර ඇත. ඒ ජනාධිපතිවරයා එරට ජනතාව වෙනුවෙන් මෙතෙක් එවැනි කිසිදු ආකාරයේ සංවේදී ප්‍රකාශයක් සිදු කර නොමැති පසුබිමක වීම විශේෂත්වයකි.

රිපබ්ලිකන් පක්‍ෂයේ ජාතික සමුළුවේ දී මෙලනියා ට්‍රම්ප් විසින් මේ බව සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙහිදී ඉතා කැපවීමෙන් කටයුතු කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අංශයට ද ඇය සිය ස්තූතිය පළ කර ඇත.

වෛරසය සමඟ කිසිවෙකුත් තනි නොකරන බව ඇය වැඩිදුරටත් සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 − one =