ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කථානායක මුණගැසේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා අද(27) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසුනේය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මෙම අවසථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද සහභගී විය. මෙම හමුවීමෙන් පසු කථානායකතුමා විසින් ඉන්දියානු මහ කොමසාරිස්වරයා වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද පැවැත්වීය.

මෙය කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් පත්වීමෙන් අනතුරුව පැවති පළමු රාජතාන්ත්‍රික හමුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 + six =