කෝවිඩ් සමයේ #ගෙදරකතා තරඟයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග

(කොළඹ, ලංකාපුවත්) – සර්වෝදය-ෆියුශන්, ෆේස්බුක් හා ICTA සහභාගීත්වයෙන් කොවිඩ් සමයේ #ගෙදරකතා / #StayHomeStory, නමින් දියත් කරනු ලැබූ තරගාවලියේ අවසාන වටයේ දී, මහජන ඡන්ද විමසීමෙන්, වැඩිම ජනතා මනාපයක් ලබාගෙන, රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගය ගාල්ල දිස්ත්‍රික්කයෙන්, අර්චනා ජයවර්ධන මෙනෙවිය විසින් දිනාගන්නා ලදී .

ත්‍යාග ප්‍රදානය ICTA දී සිදුවිය.

මෙම වැඩපිළිවෙල මගින් බලාපොරොත්තුවූවේ පසුගිය කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ඇදිරීනීතිය පැනවූ කාලය තුල නිර්මාණාත්මක ක්‍රියාවලියක නිරතවීමෙන් ජනතාවගේ ආතති මට්ටම් අඩු කරමින් වඩාත් ඵලදායී වීම ට ඔවුන් යොමු කරමින් සුභදායී මානසික පරිසරයක් ඇතිකිරීමයි.

නිවස තුළ ඇතිවිය හැකි විවිධ බාධක ජයගැනීමට ඔවුන් යොදාගත් විසඳුම් ප්‍රකාශ කිරීම සඳහා ද දරුවන්ට මෙම තරඟය ඇසුරින් ඉඩකඩ සලසා දුනි.එමෙන්ම මෙම ප්රයත්නයේ අනෙක් අරමුණ වුයේ අන්තර්ජාලයේ නොගැවසෙන ජනතාව ද ඩිජිටල් තාක්ෂණය යොදාගනිමින් සන්නිවේදනයට යොමු කිරීමත් ඒ හා සිය නිවසේ අත්දැකීම් බෙදාගැනීමට උනන්දු කරවීමත්ය. වසා දැමීම් කාලයේ විවිධ කටයුතු සඳහා ඩිජිටල් මෘදුකාංග හා සේවාවන් නිසියාකාරව භාවිත කිරීමට ප්‍රජාවක් යොමු කිරීම තුලින් අපේක්ෂිත ඩිජිටල් සමාජ පරිවතනයට දායකවීම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවෙදන් තාක්ෂණ නියෝජිත ආයතනය හා සර්වෝදය-ෆියුෂන් හි අරමුණ විය.

චිත්‍ර , වී ඩි ඕ සහ ඡායාරුප කාණ්ඩ තුනක් යටතේ තරගය පැවැත්විණි.

දාහකට අදික නිර්මාණ මෙරට හා විදේශයන්හි පදිංචි විවිධ වයස් මට්ටම්වල පිරිස් වෙතින් ලැබුන අතර සතිපතා ජයග්‍රාහකයින්ට ටැබ් පරිගණක ද, කාණ්ඩ ජයග්රාහකයින්ට හා වැඩිම ජනතා මනාපය හිමි ජයග්රාහිකාවට මුදල් ත්‍යාගද පිරිනමන ලදි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ජයන්ත ද සිල්වා ප්‍රධාන විධායක මහින්ද බී හේරත් , සංවර්ථන ප්‍රධානී සමීර ජයවර්ධන, ලංකා ජාතික ශ්‍රමදාන සංගමයේ සභාපති, විශේසඥවෛද්‍ය වින්යා අරියරත්න, සර්වෝදය-ෆියුෂන් හි සාමාන්යධිකාරි, මෛත්‍රි මල්වත්තෙගොඩ, සර්වෝදය-ෆියුෂන් උපදේශක මණ්ඩලයේ උපදේශිකා චූලි ද සිල්වා ෆේස්බූක් ශ්‍රී ලංකා නියෝජිත යසස් අබේවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − five =