විභාග පැවැත්වෙන කාලයේ දී පාසැල් සඳහා විශේෂ නිවාඩු කාලයක්

(කොළඹ, ලංකාපුවත්) –2020 වර්ෂය සඳහා නියමිත 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය 2020-10-11 වැනි ඉරිදා දින පැවැත්වීමටත්, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2020 ඔක්තෝබර් 12 වැනි දින සිට 2020 නොවැම්බර් 06 වැනි දින දක්වා පැවැත්වීමටත් තීරණය කර ඇත.

ඒ අනුව, 2020 ඔක්තෝබර් 10 දින සිට 2020 නොවැම්බර් 08 වනදා දක්වා පාසල් නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

තෙවැනි පාසල් වාරය 2020 නොවැම්බර් 09 වැනි දායින් ආරම්භ වන අතර, 2020-දෙසැම්බර් 23 දායින් අවසන් වේ. 2020 වසරේ වාර අවසාන නිවාඩුව දෙසැම්බර් 24 වැනි දා සිට 2021 ජනවාරි 01 දක්වා ක්‍රියාත්මක වේ. ඒ අනුව, 2021 වසරේ නව පාසල් වාරය ජනවාරි 04 වැනිදායින් ආරම්භ කෙරේ.

2020 වර්ෂය සඳහා නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2021-01-18 සිට 2021-01-27 දක්වා පැවැත්වේ. මෙම කාල පරිච්ඡේදය සියලු පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලෙස ක්‍රියාත්මක වේ. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා පමණක් 2021 ජනවාරි 01 දා සිට 2021 ජනවාරි 17 දක්වා අධ්‍යයන නිවාඩු කාලයක් හිමිවේ.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව නැවත පාසල් ආරම්භ වන්නේ 2021 පෙබරවාරි 01 දින සිට බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *