නවසීලන්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටීඩ්

(කොළඹ, ලංකාපුවත්) – නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ගැරී ස්ටීඩ් යළි පත් කර තිබේ.

නවසීලන්ත ක්‍රිකට් (NZC) හි ප්‍රධාන විධායක ඩේවිඩ් වයිට් පැවසුවේ 2023 ලෝක කුසලානය දක්වා වසර 3 ක කාලයක් සඳහා ඔහු නවසීලන්ත ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇති බව යි.

2018 වසරේ මයික් හෙසන්ගෙන් අනතුරුව ගැරී ස්ටීඩ් නවසීලන්ත ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා පත්කරනු ලැබීය.

නවසීලන්ත කණ්ඩායම මේ වන විට ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ දෙවන ස්ථානයේත්, එක්දින ශ්‍රේණිගත කිරීම්හි තුන්වන ස්ථානයේත් පසුවන අතර 20 – 20 ශ්‍රේණිගත කිරීම්හි ඔවුන් රැදී සිටින්නේ 6 වන ස්ථානයේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *