කොවිඩ් අභියෝගයට සාර්ථකව මුහුණ දුන් රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම – නෝවීජියා තානාපතිනි කියයි

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් 19 අභියෝගයට සාර්ථකව මුහුණ දුන් රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බවත් එම අභියෝගය ජය ගැනීමට රජය ගත් පියවර ඉතා අගය කරන බවත් ශ්‍රී ලංකාවේ නෝවීජියානු තානාපතිනි ට්‍රීනි යොරන්ලි එස්කඩා මහත්මිය පැවසුවාය.

ඇය මේබව පැවසුවේ අද (03) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ හමුවූ අවස්ථාවේදීය.ශ්‍රී ලංකාව තුළ කොවිඩ් – 19 අනතුර අවම කර ඇති බැවින් තමන්ටද මුඛ ආවරණයක් නොමැතිව ඇවිද යාමේ අවස්ථාව ලැබී ඇති බවත් ඇය පැවසුවාය.

මේවන විට ඇමරිකානු ඩොලර් මිලියන 140ක ආයෝජන ශ්‍රී ලංකාවට ලැබී ඇති බවත් ඉදිරියටත් ආයෝජන මෙරට වෙත ලබා දීමට නෝවේජීයාව සූදානමින් සිටින බවත් තානාපතිනිය පැවසුවාය.එමෙන්ම මේවන විට විට ශ්‍රී ලංකාවේ පරිගණක තාක්ෂණ ශිල්පීන් විශාල සංඛ්‍යාවක් තම සේවය නෝවීජියානු සමාගම් වෙත ලබා දෙන බව පැවසු ඇය ඉදිරියේදී එම තත්ත්වය තව දුරටත් වර්ධනය වනු ඇතැයිද පැවසුවාය්‍

මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සහ නෝවීජීයානු තානාපති කාර්යාලයේ නිලධාරීනි හිල්ඩේ බර්ග්හැන්සන් මහත්මියද එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 5 =