ප්‍රනාබ් මුකර්ජි වෙනුවෙන් ශ්‍රී ලංකා අගමැති ශෝක පණිවිඩයක් තබයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (02) ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් නිල නිවස වෙත ගියේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වයේ එක් සංකේතයක් ලෙස ජනාධිපති මුකර්ජි මැතිතුමා කටයුතු කළ ආකාරය පිළිබඳව සිහිපත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුකර්ජි මැතිතුමාගේ අභාවය වෙනුවෙන් වූ ශෝක පණිවිඩ පොතෙහි පණිවිඩයක් තැබුවේය.

රාජ්‍ය තාන්ත්‍රික සංචාරවලදී මෙන්ම පෞද්ගලික සංචාරයන්හි දී ප්‍රනාබ් මුකර්ජි මැතිතුමා, රාජ්‍ය තාන්ත්‍රික නායකයකු මෙන්ම, දේශපාලන මිතුරෙකු ලෙස ද බොහෝ අවස්ථාවල මුණ ගැසීමට ලැබුණු අතර ඒ සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එතුමා දැක් වූ උනන්දුව පිළිබඳව ද අග්‍රාමාත්‍යතුමා ඒ මොහොතේදීත් සිහිපත් කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *