මහරගම මාරක අනතුරින් දෙදෙනෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – මහරගම නාවින්න ප්‍රදේශයේදී මෝටර් රථයක් ගසක ගැටීමෙන් පුද්ගලයන් 02 දෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සදහන් කරයි.

අද(03) අලුයම 01 .45 ට පමණ සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව හා තුවාල ලබා ඇත්තේ මෝටර් රථයේ ගමන් කල පිරිසකි.

මියගිය දෙදෙනාගේ මළ සිරුරු කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය විමර්ශණ මෙහෙයවනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − 12 =