ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන පත්‍රිකා බෙදීම ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – 2020 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන පත්‍රිකා ගෙයින් ගෙට බෙදීම ආරම්භ කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ප්‍රතිශෝධන පත්‍රිකා බෙදීම මේ මස අවසානය තෙක් සිදු කරනු ඇත.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් 2020 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය මේ මාසය දක්වා කල් දැමීමට සිදුවිය. මීට පෙර වසරවල එම කටයුතු සිදුවූයේ ජූලි මාසයේදීයී.

ප්‍රතිශෝධන පත්‍රිකා කඩිනමින් නැවත එක් රැස් කීරීම සඳහා ද ග්‍රාම නිලධාරීවරුන්ට උපදෙස් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 − five =