ජර්මනියේ මවක් සිය දරුවන් පස්දෙනා ඝාතනය කරයි

(කොළඹ, ලංකාපුවත්) – බටහිරදිග ජර්මනියේ සොලින්ජන් නගරයේ මවක් තම දරුවන් පස්දෙනා ඝාතනය කළ සිද්ධියක් බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

ඔවුන්ගේ මළ සිරුරු තට්ටු නිවාස සංකීර්ණයක පිහිටි නිවසේ තිබී සොයාගැනීමට පොලීසියට හැකිව තිබේ.

මියගිය දරුවන්ගේ මිත්තනිය විසින් පොලීසියට ලබාදුන් දුරකතන පණිවුඩයකින් පසු සිදුකළ පරීක්ෂණයකිනුයි මළ රුරු සොයාගෙන ඇති බව වාර්තාවේ.

අදාළ සැකකාර මව 27වැනි වියෙහි පසුවේ. ඇය සිය දරුවන් පස්දෙනා ඝාතනයකර දුම්රියට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර තිබේ. කෙසේ නමුත් එම උත්සාහ ව්‍යර්ථ වී ඇති අතර දරුණු තුවාල සහිතව ඇය ප්‍රතිකාර ලබනබව සදහන්වේ.

මෙම ඝාතනය කිරීම්වලට හේතුව පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා නොවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × five =