“MT නිව් ඩයමන්ඩ්” නැව පිපුරුණොත් බලපෑම් ඇති විය හැකි ප්‍රදේශ

(කොළඹ, ලංකාපුවත්) – නැගෙනහිර මුහුදේ දී ගිනි ගනිමින් පවතින නෞකාවේ ඇති වු ගින්නෙන් එහි ගබඩා කර ඇති මෙට්‍රික්ටෝන් 270,000ක් වු බොර තෙල් සංචිතයට මෙතෙක් කිසිදු බලපෑමක් සිදුව නොමැති බව නාවික හමුදාව පවසයි.

ගින්න එම බොරතෙල් ගබඩා දෙසට පැතිර යෑම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටින බව ද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම ආපදාවට ලක්වු නෞකාව අද (04) උදෑසන වන විට නාවික සැතපුම් 12ක් පමණ ගොඩබිම දෙසට පැමිණ ඇති බව වාර්තා වෙයි.

මේ අතර සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, ගින්න ඇති වීමෙන් පසු සිදුවූ පිපිරීම් කිහිපයක් සමග නෞකා බඳෙහි ඉරිතැලීම් කිහිපයක් නිරීක්ෂණය වන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, තවමත් තෙල් විසිරීමක් පිළිබඳ වාර්තා වී නොමැති බවයි.

“යම් හෙයකින් මෙම නෞකාවෙන් තෙල් විසිරීමක් සිදුවුවහොත් කල්කුඩා, පාසිකුඩා හා ආරුගම්බේ ප්‍රදේශයට හානි විය හැකියි. තෙල් ඉහළ පැත්තට ගියොත් වාකරේ ප්‍රදේශයට හා ත්‍රීකුණාමලයේ පිජන් දූපත්වලට හානියක් විය හැකියි.

ඊට අමතරව තෙල් පහළට ආවොත් අනිවාර්යයෙන්ම කිරින්ද ප්‍රදේශය දක්වා ම පැතිර යා හැකියි. වර්තමානය වෙද්දි එවැනි දෙයක් මෙතෙක් වාර්තා වෙන්නේ නෑ. නමුත් රටක් විදියට එවැනි දෙයක් වුනොත් මුණදීමට කළ හැකි සියලු දේ අනුගමනය කරමින් ඉන්නවා..” යනුවෙන් ද ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + eight =