දිස්ත්‍රික්ක 05කට නායයෑමේ අවදානම් නිවේදන

(කොළඹ, ලංකාපුවත්) –දිස්ත්‍රික්ක 05ක් සඳහා නිකුත් කර ඇති නායයාම් අවධානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කරයි.

ඊයේ (06) රාත්‍රියේ දි කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙම නායයැමේ අවධානම් නිවේදනය නිකුත් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ සිතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නෙළුව සහ නාගොඩ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල හා පාලින්දනුවර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වේ.

මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, කෑගල්ල සහ යටියන්තොට මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, රත්නපුර, කිරිඇල්ල, කුරුවිට, ඇළපාත සහ ඇහැළියගොඩ යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය ක්‍රියාත්මක කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *