මෙල්බන් නුවර වසා දැමීම සති දෙකකින් දීර්ඝ කරයි

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම් තත්ත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වසා දැමීමේ කාලසීමාව තවත් සති දෙකක කාලයකින් දීර්ඝ කිරීමට තීරණය කෙරේ.

බලධාරීන් සදහන් කර ඇත්තේ මෙල්බන් නගරයෙන් කොරෝනා ආසාදිතයින් හමුවීමේ අඩුවක් මෙතෙක් නොමැති බවයි.

ඒ අනුව මෙල්බන් නුවර සහ වික්ටෝරියා ප්‍රාන්තය සැප්තැම්බර් මස 28වනදා දක්වා තවදුරටත් වසා තැබේ. ඕස්ට්‍රේලියාවේ මේවන විට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 26,000ඉක්මවා තිබෙන අතර මරණ සංඛ්‍යාව 753කි.

කෙසේ නමුත් ලබන මස සිට නිරෝධායන නීති ක්‍රමයෙන් ලිහිල් කරන බව බලධාරීන් සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *