COVID-19න් ආරක්ෂිත රටවල් 100 අතරට ශ්‍රී ලංකාවත්

(කොළඹ, ලංකාපුවත්) – COVID-19 වෛරසය සඳහා ලෝකයේ ආරක්ෂිතම රටවල් ශ්‍රේණිගත කිරීම ලෝක ප්‍රකට ෆෝබ්ස් සඟරාව විසින් සිදු කර ඇත.

ඒ අනුව ලොව කෝවිඩ් – 19 වෛරසයෙන් ආරක්ෂිතම රටවල් 100න් ශ්‍රී ලංකාව 92 වැනි ස්ථානයට නම් කර තිබේ.

ෆෝබ්ස් සඟරාවේ නවතම සටහන අනුව කොවිඩ් 19 රෝගයෙන් ආරක්ෂිතම රටවල් වල පළමු ස්ථානයට ජර්මනිය නම් කර තිබේ. ඉන් අනතුරුව පිළිවෙලින් නවසීලන්තය, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය පසුවේ.

මෙම සටහන අනුව දැනට කෝවඩ් රෝගීන් විශාල වශයෙන් වාර්තා වන ඉන්දියාව 80 වැනි ස්ථානයටත්, ලෝකයේ වැඩිම මරණ වාර්තා වී ඇති අමෙරිකාව 55 වැනි ස්ථනායට පත්ව තිබේ.

එසේම තවත් කොවිඩ් ආසාදිතයන් වැඩියෙන්ම වාර්තාවන රටක් වන බ්‍රසීල 66 වැනි ස්ථානයට නම්ව ඇත.

වෛද්‍ය, ආර්ථික, දේශපාලන වැනි කරුණු සළකමින් ඔවුන් මෙම ගණනය කිරීම සිදුකර ඇති බව සදහන් වේ. එසේ ඔවුන් විවිධ ප්‍රමිතීන් 140කට වඩා සලකා බලමින් දත්ත 35,000කට වඩා රැස් කරමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *