ඇමරිකානු තානාපතිනිය හා අධිකරණ ඇමති අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) –අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී Alaina B. Teplitz මහත්මිය අතර හමුවක් අද(08) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙරට අධිකරණවල පවතින නඩු ගොඩ ගැසීම, අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම ,බන්ධනාගාර තදබදය,විනිශ්චයකාරවරුන් පුහුණු කිරීම, බේරුම්කරණයට අදාළ කටයුතු, ඇතුළු අධිකරණ හා යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියට අදාළ වත්මන් කාර්ය භාරය හා ඉදිරි සැළසුම් පිළිබදව එහිදී සාකච්ඡා විය.

මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ ප්‍රියන්ත මායාදුන්න,අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග යන මහත්වරුන් ද සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 2 =