එජාප නව නායකත්ව තීන්දුව ලබන වසරේදී

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය නම් කිරීම ලබන වසරේදී සිදු කරන බව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පැවසුවේ බොහෝදුරට ලබන ජනවාරි මස මුල් සතිය පමණ වනු ඇති බවයි.

මේ අතර ලබන සඳුදා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමක් ද පැවැත්වෙන අතර එහිදී පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරයට අයෙකු පත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *