මත්පෙති තොගයක් තොටළඟදී අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් ලක්ෂ 40 කට අධික වටිනාකමින් යුත් මත්පෙති තොගයක් තොටළඟ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා.

මත්පෙති දහඅටදහස් නවසියයක් මෙසේ අත්අඩංගුවට ගැනුණේ ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදීයි.

සැකකරුවන් තිදෙනෙකුද එහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

වෛද්‍ය නිර්දේශ මත පමණක් ලබා ගත යුතු මෙම පෙති වර්ගය අධි මාත්‍රාවක් ලෙස මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් භාවිතයට ගන්නා බවයි පොලීසිය පවසන්නේ. ප්‍රධාන සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ජාවාරමේ තොරතුරු රැසක් හෙළි කර ගැනීමට පොලීසිය සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *