මාලදිවයින හා ශ්‍රී ලංකාව එක්ව රැප් සංගීතය පුහුණු කරන්න යයි

(කොළඹ, ලංකාපුවත්) –මාලදිවයින සහ ශ්‍රී ලංකාව එක්ව තරුණ තරුණියන් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් රැප් සංගීත කලාව පුහුණු කිරීමට සූදානම් වෙයි.

මාලදිවයිනේ තරුණ, ක්‍රීඩා හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය අහමඩ් මහලූෆ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මාලදිවයින සහ ශ්‍රී ලංකාවේ රැප් ක්ෂේත්‍රයේ තරුණ තරුණියන් සඳහා සහයෝගීතාවයෙන් හා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සාකච්ඡා කර ඇති බවයි.

මාලදිවයිනේ තරුණ, ක්‍රීඩා හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය අහමඩ් මහලූෆ් සහ ශ්‍රී ලංකා සංගීතවේදී ඉරාජ් අතර මෙම සාකච්ඡාව පවත්වා තිබේ.

විෂය භාර අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ඔහුගේ කණ්ඩායම සමඟ තවත් අවස්ථා ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන බව ද අහමඩ් මහලූෆ් එහි සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *