CDB විජයග්‍රාහී ගමනට 25 වසරක් සපිරෙයි

(කොළඹ, ලංකාපුවත්) –මෙරට විශාලත ම සහ සාර්ථක ම බැංකු නොවන මුල්‍ය ආයතනයක්වන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී(CDB) ආයතනය නව්‍යකරණය සහ තිරසරින් පිරි ශ්‍රී ලංකාවක් බලගැන්වීම සඳහාවන සිය කැපවීමත් සමඟම 2020 සැප්තැම්බර් මස 7 වනදා 25 වසරක් සපුරයි. ශ්‍රී ලාංකේය මුල්‍ය ක්ෂේත්‍රය පරිවර්තනීය වෙනසකට ලක්කිරීමට කටයුතු කරන CDB පසුගිය දශක දෙකක කාලය තුළ සැබෑ විශිෂ්ටත්වය පිළිබිඹු කිරීමට සමත්ව සිටී.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ විශාලත ම බැංකු නොවන මුල්‍ය ආයතනයක් ලෙස වර්ධනය වී ඇති CDB ආයතනය රු. බිලියන 100කට ආසන්නවත්කම් පදනමක් සමඟින් මෙරට සෑම සමාජ තලයක් ම ආවරණයවන පරිදි පාරිභෝගිකයන්ගේ මුල්‍ය අවශ්‍යතා සපුරාලයි.

දිවයින පුරා විහිදුනු ශාඛා 71 කින් සහ 1,700 කට අධික කුසලතාපූර්ණකාර්යමණ්ඩල සාමාජික පිරිසක් සමඟින් එම ආයතනය සිය සේවා වඩාත් කාර්යක්ෂම ලෙස ජනතාව අතරට ගෙන යාමට සමත්ව සිටී. CDB ආයතනය 2019 වසරේ බිස්නස් ටුඩේ (Business Today) ප්‍රමුඛ සමාගම් 30 අතරට තේරී පත්වන්නේ, සාර්ථකත්වය සඳහා එම ආයතනය දක්වන කැපවීම මැනවින් පිළිබිඹු කරමිනි.

වසර 25 ක විජයග්‍රාහී ගමන්මග පිළිබඳ අදහස් පළකරමින් CDB ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා සඳහන් කළේ, වසර 25 ක සංධිස්ථානය සනිටුහන් කරන මේ මොහොත පිළිබඳ තමන් නිහතමානී ලෙස ආඩම්බරවන බවය. “පසුගිය දශක දෙකහමාරක කාලය තුළ කෙතරම් අභියෝග පැමිණිය ද අපරිමිත උත්සාහයෙන් නොසැලී ඉදිරියට ගමන්කරන CDB අපිඅදවන විට මෙරට මුල්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙකු බවට පත්වීමට හැකිවී තිබෙනවා. සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අභිලාෂයන් බලගැන්වීමසඳහා අවශ්‍ය විශිෂ්ටත ම මුල්‍ය සේවා පිරිනැමීමේ පරම අභිලාෂයෙන් අප ආයතනය අඛණ්ඩව ශක්තිමත්ව ඉදිරියට ගමන්කිරීමටසමත්ව සිටිනවා,” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තිරසාරත්වය CDB ආයතනයේ එක්ප්‍රධානත ම අංශයක්වන අතරවසර ගණනක පටන් තිරසාරත්ව සංකල්පය යටතේවිවිධ වැඩසටහන් රැසක් දියත්කරමින් ළමා සෞඛ්‍යය සහ අධ්‍යාපනය, සමාජ සවිබලගැන්වීම හා පාරිසරික ඒකාබද්ධතාව පුළුල් කිරීම සඳහා එම ආයතනය කටයුතුකර ඇත.

සම්ප්‍රදායික සමාජීය සුබසාධන කටයුතුවලින්ඔබ්බට යමින් CDB ආයතනය බිම් මට්ටමේ සිට සිය ව්‍යාපාරික ක්‍රමවේදය සැබෑ තිරසාරත්ව සංකල්පයට අනුව හැඩගස්වා ඇත. තිරසාරත්වය වෙනුවෙන් තමන් දක්වන කැපවීම නිසාම ISO 14064-1 කාබන් සත්‍යාපන සහතිකය හිමිකර ගත් දකුණු ආසියාවේ ප්‍රථම මුල්‍ය ආයතනය බවට පත්වීමට ද CDB ආයතනය සමත්විය. එම ආයතනය දියත්කරන මෙවැනි වැඩසටහන් වෙනුවෙන් ඇගයුම් රැසකට පාත්‍ර වී ඇති අතර 2019 වසරේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කරන ලද ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලේ විශිෂ්ටත ම ආයතනික පුරවැසියන් දසදෙනා අතරට පත්වීම ඒ අතරින් කැපී පෙනෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *