New Diamond ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – නැගෙනහිර මුහුද ආශ්‍රීතව ගිනි ගැනීමට ලක්වූ MT New Diamond නෞකාවේ වත්මන් තත්ත්වය සහ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත්, ඒ වෙනුවෙන් කටයුතු කරන රජයේ සියලු පාර්ශවයන් සමඟ සාකච්ඡාවක් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ඊයේ(07) එම අමාත්‍යංශයේදී එය පැවැතුනි.

මෙහිදී මේ සිදුවීම දැනගත් මොහොතේ සිට ඒ වෙනුවෙන් ක්‍රියාකල ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, වෙළඳ නැව් අංශය සහ සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිළධාරීන්ට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ස්තූතිය පුද කරන ලදි.

ඉදිරියට ගත යුතු සියලු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන්ට අවශ්‍ය උපදෙස් අමාත්‍යවරයා විසින් ලබා දුන් අතර මේ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 5 =