ජලනල – විදුලි රැහැන් එලිමේදී මාර්ග පද්ධතියටවන හානිය වලක්වාලීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – මාර්ග සංවර්ධනය සිදු කිරීමේදී ජල සම්පාදන මණ්ඩලය, ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු මාර්ග පද්ධතියතුළ විවිධ සංවර්ධන කටයුතු සිදු කරනු ලබන ආයතන සමග මනා සම්බන්ධතාවයක් ඇතිව ඉදිරියේදී මාර්ගසංවර්ධන කටයුතු සිදු කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පල කර සිටියේ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාර්ග සංවර්ධනගැටළු පිළිබදව අදාළ ආයතන සමග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ(08) පැවති සාකච්ජාවකදීය.

පසුගිය අවුරුදු ගණනාවක් පුරා සිදුවුයේ මාර්ග පද්ධතිය ඉදි කිරීම අවසන් වෙලා ටික කාලයකින් ජලසම්පාදන මණ්ඩලය හෝ විදුලි බල මණ්ඩලය ඔවුනගේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මාර්ගය හැරීමහෝ කැපීම සිදු කිරීමයි. එම කටයුතු නිසා මාර්ග පද්ධතියට විශාල හානියක් සිදුවුනා වගේම මහජන බදුමුදල් නිරපරාදේ නාස්ති වුනා. මෙම තත්ත්වය පිළිබද හොදින් සොයා බලා ජලනල එලීම මෙන්ම භුගතවිදුලි රැහැන් එලිම පිළිබදව අදාළ ආයතන සමග නිසි සම්බන්ධීකරණයක් ඇතිව මාර්ග සංවර්ධන කටයුතුසිදු කරන ලෙස අදාළ බලධාරින්ට උපදෙස් ලබා දී ඇති බව නිමල් ලාන්සා මහතා පැවසීය.

ජනතා බදු මුදල් මත රටේ සංවර්ධන කටයුතු සිදු කිරීමේදී මුදල් නාස්තියකින් තොරව සංවර්ධනප්‍රතිලාභ උපරිම අයුරින් ජනතාවට ලබා දීම වෙනුවෙන් කටයුතු කිරීම වත්මන් රජයේ අපේක්ෂාව බවරාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මහාචාර්යරංජිත් දිසානායක, වත්තල මාබෝල නගර සභා නියෝජිතයින්, වත්තල ප්‍රාදේශීය සභා නියෝජිතයින්මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 3 =