යුපුන්ට ඇමති නාමල්ගෙන් සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) – ජර්මනියේ පැවැති මළල ක්‍රීඩා තරගාවලියකදී නව ශ්‍රී ලංකා වාර්තාවක් මෙනේම දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට යුපුන් අබේකෝන් ඊයේ(08) සමත් විය. ඒ මීටර් 100 ධාවන ඉසව්ව තත්පර 10.16කින් අවසන් කරමිනි.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ හිමාෂ එෂාන් ය. ඔහු එම වාර්තාව පිහිටුවා තිබුනේ තත්පර 10.22කිනි.

මෙම නව තරග වාර්තාව සම්බන්ධයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා, යුපුන් අබේකෝන් වෙත සුබ පැතුම් එක් කර ඇත. ඒ ෆේස්බුක් සටහනක් තබමින් ය. එම සටහන පහත සදහන් වේ.

“යුපුන් අබේකෝන් ජර්මනියේ පැවති අන්තර් ජාතික මළල ක්‍රීඩා තරගයකදී පිරිමි මීටර් 100 ඉසව්ව(තත්පර 10.16)කින් නිමා කරමින් නව ශ්‍රී ලංකා හා දකුණු ආසියා වාර්තාව පිහිටුවීමේ පුවත අසා මා අතිශයින් සතුටට පත්වු අතර මෙම විශිෂ්ට ජයග්‍රහණය ලාංකික හැමෝටම ආඩම්බර විය හැකි අවස්ථාවක්. සුබ පැතුම් Yupun Abeykoon 🇱🇰👏 #ජයගමු“

(ඡායාරූපය – imago images)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *