ලියුම් සහ පාර්සල් වලට අමතරව තවත් දෙයක් තැපැල් කාර්යාල මඟින් භාර ගැනීමට සූදානම් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ඇති ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය (e wastage) තැපැල් කාර්යාල මගින් එක් රැස් කිරිමට තීරණය කර තිබේ.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්.සමරසිංහ මහතා සඳහන් කළේ, තැපැල්කරුවන් උපයෝගී කරගනිමින්, එම කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.

එක්රැස් වන ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය විදෙස් රටවලට යවා ප්‍රතිචක්‍රීයකරණය කිරීමට පියවර ගන්නා බව ද, ඔහු සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *