මහකන්නයේ පොහොර බෙදාහැරීිම ලබන සතියේ සිට

(කොළඹ, ලංකාපුවත්) –මහ කන්නය සඳහා පොහොර බෙදා හැරීම ලබන සතියේ සිට ආරම්භ කරන බව ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කරයි.

මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂ තිස් දහසක අවශ්‍යතාවක් පවති. වී වගාව සඳහා කිසිදු ගැටලුවකින් තොරව පොහොර ලබාදීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිළ මහතා සඳහන් කළේය.

කෘෂි නිෂ්පාදන සඳහා ජනතාව තුළ ඉහළ උනන්දුවක් ඇති වී තිබේ. ඒ අනුව අවශ්‍ය තරම් පොහොර ගෙන්වීමට කි‍්‍රයාමාර්ග ගෙන ඇති බවයි මහේෂ් ගම්මන්පිළ මහතා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − fourteen =