රාජ්‍ය ආයතන වල “මහජන දිනය” වෙනස් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ලබන සතියේ සිට මහජන දිනය ලෙස “සඳුදා දිනය” නම් කිරිමට කැබිනට් මණ්ඩලය ඊයේ(09) දිනයේදී තීරණය කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා පවසයි.

වසර 60ක පුරා මහජන දිනය ලෙස බදාදා දිනය පැවති බවත් බදාදා දිනයේදී පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයක් වන බැවින් අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටීම අනිවාර්ය නිසා මෙම තීරණය ගත් බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සදහන් කළේය.

ඒ අනුව කැබිනට් මණ්ඩලය ලබන සතියේ සිට බදාදා පෙරවරුවේ පැවැත්වීමට තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *