වෙලේ සුදාගේ මස්සිනා ඇතුළු තිදෙනෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – සංවිධානාත්මක පාතාල කල්ලිනායකයකු වු වෙලේ සුදාගේ මස්සිනා ඇතුළු තිදෙනෙකු හෙරොයින් සමග ඉමදූවේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

වෙලේ සුදා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ සැකකරුවකු හා ඔහුගේ නිවසේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (09) රාත්‍රි හෙරෙයින් මිලිග්‍රැම් 1,300ක් සමග ඉමදූව, ඇල්ලලගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සමග සිටි අනික් සැකකරුවන් දෙදෙනා ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කොහුවල, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ත්‍රිරෝද රථ රියදුරකු වන “කනත්ත චූටි” යන අන්වර්ත නාමයෙන් හදුන්වන අයෙකි.

47හැවිරිදි වියේ පසුවන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රුපියල් 37,500ක මුදලක්, ජංගම දුරකථන 04ක් බැංකු ගිණුමට අදාළ පාස්පොතක් පොලිසිය මගින් සොයාගෙන තිබේ.

සැකකරුගේ බැංකු ගිණුම පිළිබද කරණු ලැබු පරික්ෂාවේ දි දි 2019 වර්ෂයේ සිටි 2020 ජනවාරි මාසය දක්වා රුපියල් ලක්ෂ 20කට වඩා වැඩිමුදල් ප්‍රමාණයක් සංසරණය වි ඇති බවට අනාවරණය වු බවද පොලිසිය පැවසීය.

සැකකරු සම්බන්දයෙන් කරණු ලැබු විමර්ශනයේ දි ඔහු වෙලේ සුදා යන අයගේ බිරිදගේ වැඩිමහල් සහෝදරිය සමග මිට පෙර විවාහ වී ඇති අතර දරුවන්ද සිටින බව පොලිසිය පවසයි. පසුව සැකකරුවිසින් එම විවාහයෙන් වෙන්වී වෙනත් විවාහයක් කරගෙන ඇති බව විමර්ශනවලදි අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 19 =