දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මසකට අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලයේ කටයුතු මාසයකට අත්හිටුවීමට පියවර ගෙන ඇත.

දකුණු අප්‍රිකානු ක්‍රීඩා සම්මේලනය සහ ඔලිම්පික් කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ.

ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා අදාළ පියවර ගෙන ඇත.

දකුණු අප්‍රිකානු ක්‍රීඩා සම්මේලනය සහ ඔලිම්පික් කමිටුවේ වැඩබලන ප්‍රධාන විධායක රවී ගෝවේන්දර් කියා සිටියේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලයේ ගුණාත්මකභාවය සහ පාලන ගැටළු ඉවත් කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවත් එවිට ඉදිරියේ දී වඩාත් ඵලදායී හා කාර්යක්‍ම වනු ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *