මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙක් STF අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන රණවකගේ ධම්මික නුවන් රණවක හෙවත් වැලිහිඳ කලූ, වැලිගම – දෙණිපිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (10) එම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදි මෙම සැකකරු හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 960 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

35 හැවිරිදි සැකකරු දෙණිපිටිය – ඌරුවිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු, මාකදුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවට එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ අයෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 4 =