පාර්ලිමේන්තු රැස්වීම් කාලයේ සංශෝධනයක්

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරියට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන කාලවේලාව වෙනස කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කෙරේ.

මේ අනුව මීළඟ පාර්ලිමේන්තු රැස්වීමේ සිට එම වෙනස සිදුකිරීමට ඊයේ (10) තීරණය කර තිබේ.

මින් ඉදිරියට පාර්ලිමේන්තු රැස්වීම පෙරවරු 10.00 ට ආරම්භ කර පස්වරු 5.30 අවසන් කෙරෙනු ඇත.

පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වනු ලබන්නේ සභාව කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *