පාලමක් ගිලා බැසීම නිසා පුත්තලම – අනුරාධපුර මාර්ගයේ ගමනාගමනයට බාධා

(කොළඹ, ලංකාපුවත්) – පුත්තලම – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ 38 කණුව පාලම අද(11) උදෑසන ගිලාබැසීමකට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවී තිබෙන බව පොලිසිය පවසයි.

පාලම මතින් ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක් අද උදෑසන ගිලා බැසීමකට ලක්ව ඇත.

මේ හේතුවෙන් අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගය භාවිත කරන රියදුරන් 38 කණුව ප්‍රදේශය මගහැර විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම් දීමක් කරනු ලැබේ.

අනුරාධපුර සිට පුත්තලම දෙසට ධාවනය වන වාහන අනුරාධපුර 02 කණුව අසලින් තලාව පොලිස් වසම හරහා ගොස් තඹුත්තේගම මාර්ගයට පිවිස ඔරලෝසු කනුව අසලින් 27 හංදිය හරහා පුත්තලම මාර්ගලයට පිවිස අනුරාධපුරයට ගමන් කළ හැකියෙ.

පුත්තලම සිට අනුරාධපුරය දෙසට ධාවනය වන වාහන ගලයාය හංදියෙන් දකුණුට හැරී තලාව නගරයට ගොස් අනුරාධපුර මාර්ගයට පිවිස ගමන් කළ හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *