යුද හමුදා සාමාජිකයින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වු‍නොත් දැඩි දඩුවම්

(කොළඹ, ලංකාපුවත්) – මත්ද්‍රව්‍ය ජාවාරමට යුද හමුදා සාමාජිකයින් සම්බන්ධ බවට තහවුරු වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරයි.

යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේ ත්‍රිකුණාමලය විසිදෙවන සේනාංකයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුවයි. කොවිඩ් දහනවය තුරන් කිරීම සදහා ඇප කැප වූ ආරක්ෂක අංශ සාමාජිකයින්ට ස්තූති කිරීම හා ඔවුන්ගේ චිත්ත ධෛර්යය නැංවීම යුද හමුදාපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ විය.

මත්ද්‍රව්‍යවලට සම්බන්ධව ව්‍යාපාර සිදුකරන පුද්ගලයන් අතීතයේ මෙන්ම වර්තමානයේදීත් ශ්‍රී ලංකා යුධ හමුදාවේ සාමාජිකයන් ඒ සඳහා පෙළඹවීමට උත්සාහ කිරීමේ සිද්ධීන් වාර්තාවන බවත්, එවැනි අවස්ථා තහවුරු වූ බවත් යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

යුධ හමුදාව තුළ මෙවැනි සිද්ධීන් කිසිසේත්ම අනුමත නොකරන බව ද ඒ මහතා දැඩි ලෙස අවධාරණය කළේය.

කඳවුරුවලින් පිටතදී හමුදා සාමාජිකයන්ට මෙවැනි අවස්ථාවලට මුහුණ දීමට සිදුවන බවත් , එවැනි අවස්ථාවලදී ඔවුන්ට එරෙහිව දැඩිව ක්‍රියාත්මක වන බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

යුද හමුදාපතිවරයා විසි දෙවන සේනාංක භූමියේ රුක් රෝපණයට ද එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *