දරුවෙකු කෲරත්වයට පත් කළ විදුහල්පතිට බරපතල වැඩ සහිත සිර දඬුවම්

(කොළඹ, ලංකාපුවත්) – බාලවයස්කාර පිරිමි දරුවෙකු කෲරත්වයට පත් කළ විදුහල්පතිවරයෙකුට වසර 02ක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කර ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සදහන් කරයි.

වයස අවුරුදු 12ක් වූ දරුවාව, 2013 වර්ෂයේදී පහරදී කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව, අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් සිදු කළ විමර්ශනයකින් පසු,කොළඔ ප්‍රදේශයේ පදිංචි සැකකරු (අවු.52) අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමෙන් අනතුරුව, නීතිපතිතුමා විසින් සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමෙන් පසුව, චූදිතයා විසින් තමා වරදකරු බවට පිළිගෙන තිබේ.

චූදිත විදුහල්පතිවරයා විසින් සිය වරද පිළිගැනීමෙන් අනතුරුව, අධිකරණය විසින් වසර 2ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කර, වසර 5කට අත්හිටුවා ඇත.

රු. 5000ක දඩ මුදලක් ගෙවීමට ද නියම කර තිබේ. එම දඩ මුදල නොගෙවන්නේ නම්, මාස 3ක සිර දඬුවම් නියම කර ඇති අතර, මෙම නඩුවේ වින්දිත බාලවයස්කාර පිරිමි දරුවාට රු. 25,000ක වන්දි මුදලක් ගෙවීමට ද නියම කර ඇති අතර, එම වන්දි මුදල වින්දිත දරුවාට නොගෙවන්නේ නම්, වසර 1ක සිර දඬුවම් ලබා දීමට ද නියම කර තිබෙන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 4 =