බූස්ස බන්ධනාගාරයේ ආහාර වර්ජනය අවසන්

(කොළඹ, ලංකාපුවත්) – බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රැඳවූවන් පිරිසක් ආරම්භ කළ ආහාර වර්ජනය අත්හිටුවා තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ වන විට 25 දෙනෙකු වර්ජනයෙන් ඉවත්ව සිටියේය. ඒ අනුව තවදුරටත් ආහාර වර්ජනයේ නිතර වූ 20 දෙනාද මේ වන විට ආහාර වර්ජනයෙන් ඉවත්ව තිබේ.

මේ අතර පොඩි ලැසී ,කොස්ගොඩ තාරක ,කංජිපානි ඉම්රාන් සහ වෙලේසුදා යන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *