ඊශ්‍රායලය සති තුනකට වසා දමයි

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරස යළි හිස එසවීමේ අවදානම හේතුවෙන් දෙවන වරටත් රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට ඊශ්‍රායලය තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

යුදෙව් නව වසර ආවරණය වන පරිදි මෙම නිරෝධායන සීමා පැණවීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නියෝග කර ඇතැයි සදහන්වේ.

ඒ අනුව සති තුනක කාලයක් රට වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනූව, මේ සති අන්තයේ එරට වෙළෙඳසැල්,අවන්හල්,හෝටල් සහ පෙර පාසල් ඇතුළු අනෙකුත් ව්‍යාපාර ස්ථාන වසා දමා සංචාරණ සීමාවන් ද පැනවීමට නියමිතය.

ඊශ්‍රායලය තුළ මේවන විට කොවිඩ් -19 මරණ 1,108 ක් සිදුව ඇති අතර ආසාදිතයින් 153,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *